බීමත් රියදුරන් ඇල්ලිමට විශේෂ ‌මෙහෙයුම්


බස්නාහිර පළාත තුළ පැය දෙකක කාලයක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බස්නාහිර පළාත රථවාහන නියෝජ්‍ය පොලිස්පති තුමාගේ නියෝග මත ඊයේ (01) රාත්‍රී 10 සිට 12 දක්වා එම මෙහෙයුම සිදුකර ඇත.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරි දිනවල සිදුකරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දැනුම්දෙයි. 

 



Recommended Articles