බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට


උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකළ මෙහෙයුම් වලින් පසුගිය 11 දා උදෑසන 6.00 සිට අද (17දා) උදෑසන 6.00 දක්වා බීමත් රියදුරන් 1536ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම කාලය තුළදී ලබාගෙන ඇති රථ වාහන නඩු සංඛ්‍යාව 42114කි. අද පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 266ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ලබාගෙන ඇති රථ වාහන නඩු සංඛ්‍යාව 7134කි.

 



Recommended Articles