බීජින් හා කොළඹ අතර නව ගුවන් ගමනක්


ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ " කැපිටල් " ගුවන් සේවය ( Capital Air Lines ) , බෙයිජිං නුවර , ඩැක්සිං     (Daxing) ජාත්‍යන්තර  ගුවන් තොටුපොළේ සිට  මංගල ගුවන් යානය (Inaugural Flight) 01/31 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 330 එයාර් බස් ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසි අවස්ථාවේ දී ජල ආචාර පවත්වා පිළි ගනු ලැබීය.

01/31 දින පස්වරු 01.46 ට චීනයේ බෙයිජිං නුවර සිට කැපිටල් ගුවන් සේවයේ ජේ.ඩී.- 487 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එහි ගුවන් මගීන් 170 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 13 ක් ද පැමිණ සිටියහ.

මින්පසුව මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම  අගහරුවාදා සහ සෙනසුරාදා යන දින වල පස්වරු 02.20 ට කටුනායක  ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් එදින පස්වරු 04.20 ට චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිත අතර මෙම ගුවන් ගමන සදහා පැය 08 ක ගුවන් කාළයක් වැය වේ.

මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති ෂූ යංවෙයිං ( Zhu Yanwei ) , කටුනායක ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ඇතුළු විශාල සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ.



Recommended Articles