බිල් නොගෙවිම නිසා දුම්රිය ස්ථානවල දුරකතන ඉතිහාසයේ පළමු වතාවට විසන්ධි කරයි


සියළුම දුම්රිය ස්ථානවල මහජන ඇමතුම් දුරකථන නිසි වෙලාවට බිල් නොගෙවීම මත විසන්ධි කර තිබූ අතර මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්විය.

කෙසේ වෙතත් එම බිල් පියවීමෙන් පසුව අද පස්වරුව වන විට යළිත් සම්බන්ධතාවය ලබා දී ඇත. විශේෂයෙන් දුම්රිය ධාවන කාලසටහන් මෙන්ම මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම උදෙසා දෛනික විශාල දුරකථන ප්‍රමාණයක් ලැබෙන අතර, ඉතිහාසයේ පළමු වතාවට මෙසේ සියලුම දුම්රිය ස්ථාන දුරකථන බිල් නොගෙවීම මත විසන්ධි වීම වාර්තා වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මේ දක්වා එම කටයුතු සිදු කල කාර්‍යාලය විසිරුවා හැරීමට කටයුතු කල අතර, නිසි පරිදි අදාල විෂයන් පවරා  නොදීමේ පරිපාලනමය ගැටළුවක් නිසා මෙම තත්ත්වය උදාවී ඇත. පෙබරවාරි මාසයෙන් පසුව මේ දක්වා කිසිඳු බිල් ගෙවීමක් සිදු කොට නොමැති බැවින් මෙසේ සියළුම දුම්රිය ස්ථන වල දුරකථන මාර්ග විසන්ධි කොට තිබුණි.



Recommended Articles