බිරිඳගේ පහරකෑමන් තුවාල ලැබූ සැමියා ඉතාලියේ රෝහලකට


පවුල් ආරාවුලක් දුරදිගයාමෙන් ඉතාලියේ බ්‍රේෂියා නගරයේ ජීවත් වූ ලාංකික කාන්තාවක් ඇයගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල කර ඇතැයි බ්‍රේෂීයා පොලීසිය පවසයි.

පසුගිය 23 දා මෙම සිදුවීම සිදුව ඇත්තේ තම සැමියාට අනියම් සම්බන්ධයක් ඇති බවට ඇති වු සැකයක් මත ලාංකික දෙදෙනා අතර බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙනි.

තුවාල ලබා ඇති 48 හැවැරිදි පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර 44 හැවිරිදි ලාංකික කාන්තාව අත් අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇතැයි බ්‍රේෂියා පොලීසිය පැවැසීය'

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට



Recommended Articles