බිරිද‌ගේ පිහි පහරින් සැමියාට බරපතලයි


මහියංගන සොරබොර ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින්  පිහියකින් ඇන කපාකොටා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ශක නිළධාරියකු අද (6) මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන  පොලිසිය පවසයි .

පිහියකින් ඇන මෙසේ තුවාල ලැබූයේ  43 හැවිරිදි ගිරාදුරුකෝට්ට උපපොලකා මූලස්ථානය ට අනියුක්තව සේවය කරන, මහියංගන සොරබොර මීගහපිටිය ප්‍රදේශයේ පදිංචි  සිව්ල් ආරක්ශක නිළධාරියකු යැයි පොලිසිය කීය .

සැකකාර මහියංගන සොරබොර  මීගහපිටිය  ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දරුවන් තිදෙනෙකු සිටින කාන්තාවක අත් අඩංගුවට ගත් බවද පොලිසිය කීය .

මෙම   අඹුසැමි  යුවල අතර නිවසේදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බිරිද මෙලෙස සැමියාට පිහියකින් ඇන කපාකොටා දමා ඇති බවත් පොලිසිය සදහන් කළේය.



Recommended Articles