මැදගම කැන්දවින්න ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ ( 14දා ) පස්වරුවෙි තම බිරිඳට, වෙඩිතබා ඝාතනකර, එම වෙඩිතැබු ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි, මැදගම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ,මැදගම, කැන්දවින්න,බලගස්ආර, කොන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි එන්.ජී නිරෝෂා ප්‍රියදර්ශණි නැමති කාන්තාවකි.
මෙම කාන්තාව හා ඇගේ සැමියා අතර ඊයේ පස්වරැවේ ඇති වු කථාබහක් දුරදිග ගොස්, ඇති වු ආරවුලකින් පසු මෙම කාන්තාව නිවසින් පිටවගොස් ඇති අතර, සැකකරු මෙම කාන්තාව හඹාගොස්, මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවකින් ඇයට වෙඩිතබා තිබෙන බව මැදගම පොලිසිය පවසයි.
වෙඩිතැබිමෙන් තුවාල ලබා මාර්ගයේ වැටි සිටි ඇයව පොලිසිය මැදිහත්ව මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කරන විටත් මියගොස් සිටි බව මැදගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
සිද්ධියෙන් පසු සැකකාර සැමියා ගිනි අවියද රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරිමට නියමිතය.
මොණරාගල - නයනජීව බන්ඩාර