පොලිස් අණ නොතකා බිමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ ලංගම රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට කොළඹ අලුත්කඩේ අංක 7 අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර බස් රථ රියදුරාට ඊයේ බස් රථය නවත්වන ලෙස පොලීසිය සංඥාකර තිබුණත් එම අණ නොතකා බස් රථය ධාවනය කර තිබුණ අතර පසුව පොලිස් නිලධාරින් බස් රථය ලහුබැද ගොස් නවතා පරීක්ෂා කිරිම් සිදුකර තිබේ.

