හෙට්ටිපොල පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේදී ඊයේ (12) මාධ්‍යට විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක, ලේකම් රත්නසිරි අලහකෝන්, භාණ්ඩාගාරික විජය අල්විස්, සමස්තලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති වික්ටර් පෙරේරා, එහි ලේකම් අනුරසිරි මාරසිංහ යන මහත්වරුන් එසේ පැවසීය.
ග්‍රාමීය කර්මාන්තයක් ලෙස දියුණු වෙලා රැකී රක්‍ෂා ලක්‍ෂ ගණනින් ලබාදී රජයටත් රටටත් බර නැති පිරිසක් ලෙස අපි මේ කර්මාන්තය කරගන ඇවිත් තියෙන්නෙ ඉතාම අසීරුවෙන්. මේ කර්මාන්තය හරහා ලක්‍ෂ 10කට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනවා. ලංකාවෙ අඩුම මිලට ප්‍රෝටීන් පොෂ්‍යදායී ආහාරයක් වෙච්ච බිත්තරයෙන් ස්වයංපෝෂිත කළේ මේ ගොවීන්.
ඉන්දියාවෙන් බිත්තර ගේන මට්ටමකට පත්කරන්නද දන්නෙ නැහැ මේ හඬපට නිකුත් කරන පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේ ප්‍රකාශ සිදුකළ අයියා මලෝ දෙදෙනාට බිත්තර තියා කිකිළියෙක්වත් නැහැ. අඩු ගානෙ කුඩා ගොවීන් 5 දෙනෙක් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වගන්න හැකියාවක් නැහැ.
කිසිදු ආකාරයකින් මේ කියන අයව විශ්වාස කරන්න එපා මේ හදන්නෙ වෙනමම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරවන්න. රජයෙන් හෝ ඒ ප්‍රකාශය කරන කෙනා හෝ නොමිළයේ සත්ව ආහාර ලබාදෙනවා නම් ඒ කියන මිලට දෙන්න පුලුවන් වේවි. එකපාරටම මාධ්‍ය කැඳවීම් කරලා මාධ්‍ය හමු තියලා වගකීමක් නැති අයට රටට වගකියන ජනතාවගේ සංඛ්‍යාත වලට වගකියන මාධ්‍යට එසේ ප්‍රකාශ කළ හැකිද යන ප්‍රශ්නය අපි හමුවේ පවතිනවා" යැයි පැවසීය.
කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර


