ජා-ඇල දඩුගම පිහිටි අමාත්‍ය නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේ බිත්තර නිශ්පාදකයින් සමග පැවති සාකච්ඡාවට කිහිපයකින් පසු ව ඒ අය ලබා දුන් ලිඛිත ලියවිල්ලක් අනුව බිත්තර සදහා පාලන මිලක් නියම කල බවයි.
බිත්තර නිෂ්පාදකයන් සමග සෑම විටම සාකච්ඡා කිරීමට තමන් කටයුතු කළ බවද නලීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවැසුවේය. ඉකුත් කාලයේ කුකුල්ලු නිශ්පාදකයින් සත්ව ආහාර සදහා භාවිතා කර තිබුණේ මිනිස් පාරිභෝජනය සදහා වු සහල් නමුත් මින් ඉදිරියට ඒ සදහා සත්ව ආහාර සදහා බඩ ඉරිඟු අවශ්‍ය ලෙස ලබා දීමට පියවර ගන්නා බවත් වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය වරයා මෙහිදී මෙහිදී පැවසීය.