බිත්තර ආනයන කටයතු ලබන සතියේදි ඇරඹෙයි


බිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිතය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම කටයුතු සිදුකිරිමට නියමිතය. දේශීය වෙළඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර යෙන් ඉහළ යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා මෙසේ බිත්තර ආනයනය කිරීමට පසුගිය කැබිනට් රැස්වීමේදී එකඟතාව හිමිවිය.

පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතය.



Recommended Articles