බිත්තර 04ට රු. 500,000ක දඩයක්


බිත්තර  සදහා  නියම කර  ඇති  මිලට    වඩා   වැඩි  මිලකට  එනම්   සුදු  බිත්තර  4 ක් රුපියල්   260  ක  මිලකට  අලෙවි  කල  බලන්ගොඩ  නගරයේ  ඇති  වෙලෙදසල්කට රුපියල්  ලක්ෂ  පහක  දඩ මුදලක්  ගෙවන   ලෙස  බලන්ගොඩ   වැඩබලන මහේස්ත්‍රාත්  ඒ. එමි . එස්. මැණිකේ  මහත්මිය  ඉකුත්  (28) වැනිදා  නියෝග  කලාය.

බලන්ගොඩ විවිධ සේවා සමුපකාර  සමිතිය  මගින් පාලනය  වන  කෝප්  සිටි  වෙලෙද  ආයතනය  වෙත  එම  දඩ  මුදල   ගෙවිමට  සිදු  විය.  ඉකුත් 19  වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය  මගින්   නිකුත්  කර ඇති  ගැසට්  නිවෙිදනය  අනුව  සුදු  බිත්තර එකක්  විකිණිමට  හැකි උපරිම සිල්ලර  මිල රැපියල්  43 ක්  ලෙස  දැක්වෙි.
 

ඒ   අනුව බලන්ගොඩ   නගරයේ  සිදු කළ  වැටලිමි  වලදි  උපාය දුතයකු  මගින්   එම  වෙලෙදසලින්  බිත්තර  මිල  දි  ගත්  බවත්  එක්  බිත්තරක්  රුපියල්  65 බැගින්  බිත්තර   හතරක්  සදහා  රැපියල්  260 ක මුදලක්  අයකර  ගෙන  ඇති  බවද  පාරිභෝගික  අධිකාරියේ නිළධාරින්  පැවැසුහ.
වැඩි  මිලට  බිත්තර  විකිණීම  යන  චෝදනා  යටතේ  ඉදිරිපත්  කළ නඩුව   සදහා  වරද  පිළිගත්  අදාල  ආයතනය  වෙත  බලන්ගොඩ  වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින්  එම  ලක්ෂ  පහක  දඩ  මුදල  මෙලෙස  නියම  කළාය.

රත්නපුර  පාරිභෝගික අධිකාරියේ  දිස්ත්‍රික්  ප්‍රධානි  උදය  නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි  විමර්ශන  නිළධාරිනි  හර්ශනි  දසනායක   මහත්මිය  විසින්   සංවිධානය  කල මෙම  වැටලිම  සදහා  නසික්  අහමඩ් , නදිිශ ලියනගේ  යන  නිළධාරිහු   එක්ව  සිටියහ.

රාස්සගල සමිපත් 



Recommended Articles