බිඩිකොළ තොගයක් සමඟ කල්පිටියේ අටදෙනෙකු අත්අඩංගුවට


ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් මුහුදු මගින් කල්පිටියට රැගෙන විත්,කප්පල් අඩිය වෙරළට ගොඩබාන ලද, රුපියල් ලක්ෂ අසූවක් වටිනා,බීඩී කොළ කිලෝ ග්‍රෑම්  1,150ක්, කල්පිටිය කප්පලඩිය වෙරළ තීරයට ගොඩ බාමීන් තිබියදී, ඊයේ  මධ්‍යම  රාත්‍රියේ  සිදු කරන ලද, වීශේෂ මෙහෙයුමකින් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බීඩී කොළ තොගය සමග ඒවා ප්‍රවාහනයට  යොදා ගත් ධීවර යාත්‍රාවක්, ලොරි රථ දෙකක් සහ සැකකරුවන් අට දෙනෙකු ද අත්අඩංගුවට ගෙන අත.

සැකකරුවන් අතුරින් සිවු  දෙනෙකු ගලේවෙල පදිංචිකරුවන් වන අතර අනෙක් සිවු දෙනා කල්පිටිය කන්ද කුඩාවේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් හා නඩු භාණ්ඩ අද  (23) දින, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.



Recommended Articles