බෑණාගේ උදලු පහරින් මාමා හා ඥාති පුතා මරුට


ගල්ගමුව, ට්‍රැක් 5 ප්‍ර දේශයේදී ්උදැල්ලකින් පහරදී පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 16ක් හා 67ක් වන අඹන්පොල හා ගල්ගමුව පදිංචිකරුවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු උදෑසන සිට බීමත්ව නිවසේ ඇති භාණ්ඩ විනාශ කරමින් සිට ඇති අතර පසුව සවස් කාලයේදී බිරිදගේ පියා හා නිවස අසළ පදිංචි බිරිඳගේ සහෝදරියෙකුගේ පුතෙකු සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ.

පහරදීමෙන් බිරිදගේ පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඥාති පුතා රෝහල් ගත කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඝාතනයට යොදාග්ත උදැල්ල සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles