බැසිල් බිරිඳත් සමග ඉන්දියාවට යයි


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා අද (15දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ඔහු සමග මුදල් අමාත්‍යාංශයේ ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් අද පස්වරු 02.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට අදාළව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම ඉන්දීය සිදුවෙයි.

ටී.කේ.ජී. කපිල



Recommended Articles