බැසිල් ඉල්ලා දේව කන්නලව්වක්


ශ්‍රී ලංකා පොදු ජන පෙරමණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා උද්ඝෝෂණයක් අද (3) උදේ සීනිගමදී පැවැත්විණ.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ෂම්මු ආරියවංශ මහතා සංවිධානය කළ මේ දේව කන්නලව්වට හා උද්ඝෝෂණයට රත්ගම ප්‍රාදේශීය සභාපති ටී.නිමල් රත්ගම ප්‍රාදේශීය සභාවේ සීනිගම කොට්ඨාස ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීතිකුමාර යන මහත්වරුන් ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා රත්ගම පොදු ජන පෙරමුන පාක්ෂිකයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගීවූහ.

සීනිගම දේවාලයට පළමුවෙන් ගිය මේ පිරිස බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට අදාළ බලධාරීන්ගේ සිත් පහල වේවා යයි ප්‍රාර්ථනා කරමින් ඔවුහු දේව කන්නලවක් පැවැත්වූහ.

කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත

   



Recommended Articles