බැල්කනියෙන් ඇඳ වැටී ලාංකිකයෙක් ඉතාලියේදී මරුට


ඉතාලියේ රෝම් අගනුවර මහල් නිවාසයක ජිවත් වු ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා (4 දා) එම නිවසේ බැල්කනියෙන් ලිස්සා බිමට වැටීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රෝමයේ වියා කාසියා ප්‍රදේශයේ රැකියාව කරමින් ජීවත් වූ ණුවන් සම්පත් (32) නැමති එක්දරු පියෙකි.

බැල්කනියෙන් වැටී බරපතල තුවාල ලබා සිටි ලාංකිකයා රෝම් සංකමිල්ල රෝහලට ගෙනයනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසිය.

ලාංකිකයා මහල් නිවාසයෙන් වැටුණු ආකාරය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ වියා කාසියා කැරිබිනේරි පොලිස් නිළධාරින් විසින් සිදු කරයි. මියගිය ලාංකිකයා පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.     

 චන්දන ප්‍රනාන්දු ඉතාලියේ  සිට

                                                   

 

 

 



Recommended Articles