බැරල් සංඛ අත්අඩංගුවට


අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පෑලියගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අවිපෙන්වා බියගැනීම්, මත්ද්‍රව්‍ය අලෙවිය, කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ එම සැකකරු අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතය.
 

 



Recommended Articles