බැඳුම්කර වංචාවට අපරාධ නීතිය ඕනෑ


බැඳුම්කර වංචා ක්‍රියාව අපරාධයක් බවත්, මේ නිසා මෙම අපරාධය වටා සිටි සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

බැඳුම්කර සිද්ධිය සැලැස්ම තුළ රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවත්, මීට අමතරව මන්ත්‍රී නිල බලය භාවිතා කර ‘ෆුට් නෝට්’ දැමූ කල්ලියටද, නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මේ හරහා මහජන මුදල් වංචාවක් සිදුව තිබෙන බවත්, මේ නිසා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles