මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරුන් හත් දෙනෙකු සිටින බවත්, එම හත්දෙනාගෙන් දෙදෙනෙකු හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ කොට්ඨාසය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, මෙම පරීක්ෂණයට අනුව මේ බව දැනට අනාවරණය වී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

