බැංකුවකින් රු.කෝටි 9ක් වංචා කළ සහකාර කළමනාකරු දැලේ


අනුරාධපුරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් රුපියල් කෝටි 9ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි..

සැකකරු එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කරන  43  හැවිරිදි පුද්ගලයෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු අනුරාධපුර,සාලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ පෞද්ගලික බැංකුවේ අනුරාධපුර ශඛාවේ ගිණුමක් හිමි පුද්ගලයෙකුගේ නමින් ඇති සියලුම ගිණුම් සඳහා අත්සන් වෙන්ස් කිරීම සඳහා කූඨ ලේඛන ද සකසා ඇති බවට විමර්ශනයේදී හෙළි වූ බව එම උසස් නිලධාරියා කීය. ඒ අනුව අදාළ කූට ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

 



Recommended Articles