බැංකි මූන් කෙටි සංචාරයක් සඳහා මෙරටට


එක්සත් ජාතීන්ගේ සංසංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් මහතා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

බැංකි මූන් මහතා  සමග ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ .

මෙම පිරිස අද (06දා) අලුයම 02.00 ට සිංගප්පූරුවේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles