බාළිකා නිවාසයකින් බාලිකාවන් අටක් පැන යයි


මිටියාගොඩ පොලිස් වසමේ පාසල් මාවත ලිපිනයේ පවත්වාගෙන යනු ලබන බාලිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටදෙනෙකු ඊයෙ (29දා) රාත්‍රී පැන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල ඇනුව වහාම කියාත්මකවී කරන ලද සෝදිසි මෙහෙයුමකදී පැන ගිය බාලිකාවන් අට දෙනාගෙන් තිදෙනෙකුම ඊයේම සොයා ගත් බව ද පොලීසිය කියයි.

 අනෙක් බාලිකාවන් පස් දෙනා සොයා ගැනීම සදහා ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලීසිය කියයි

බාලිකාවන් අට දෙනා එම ළමා නිවාසයෙන් පැන ගොස් ඇති බවට සදහන් කරමින් එහි පාලිකාව විසින්  පැමිණිළි කර ඇති බවද පොලීසිය කියයි.

බාලිකා ළමා නිවාසයේ පාලිකාව හා එහි බාලිකාවන් අතර, බහින් බස් ව්මක් සිදුව ඇති බව්ත් පසුව ඇය හා බාලිකාවන් අතර පහරදීමක් දක්වා වර්ධනයවී ඇති බවත් පොලීසිය කියයි.

 මේ සිද්ධියෙන් පසුව  බාලිකාවන් අට දෙනා ළමා නිවාසයෙන් පැන යන්නට ඇති බව  පොලීසිය කියයි.

මේ සමිබන්දව වැඩිදුර පරික්ෂණ කටයුතු මීටියාගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.



Recommended Articles