බාර් ඇරියම තියෙන ප්‍රශ්නේ මොකක්ද?


සුරා සැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තමන් නොදන්නා නමුත් කිසිවෙක් එහි වගකීම භාර නොගන්නේ නම් තමන් එහි වගකීම භාර ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“කවුරු ඇරියද කියලා දන්නේ නෑ. හැබැයි කවුරුත් ඒක භාර ගන්නෙ නැත්නම් මම කැමතියි ඒකා භාර ගන්න.

මෙකක්ද තියෙන ප්‍රශ්නේ බාර් ඇරියම. බාර් ඇරියට හැමෝම කිව්වද බාර් ඇරලා තියෙන්නේ ගිහිල්ලා බොන්න කියලා.

බොන එකා බීපන්. නොබොන එකා නොබී හිටපන්. ආර්ථිකය හදන්න නම් මම හිතන්නේ වල්ලපට්ටා වගේ ශාක අක්කර ගණන් වවන්න දෙන්න ඕන. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා.”

 



Recommended Articles