බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති එයි


එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා 02/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඔහු සමග එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු , දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පැමිණ සිටියහ .

ඔවුන් 02/17 දින උදෑසන 09.11 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස 02/17 දින සවස ආපසු පිටත්ව යාමට නියමිතය .



Recommended Articles