බහරේන් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 මෙම ගුවන් මගීන් පිරිස  රාත්‍රී 8.50 ට බහරේන් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 202 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පසුව පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කෙරුණි .


Recommended Articles