බහරේනයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


බහරේනය වෙත රැකියා සදහා ගොස් , එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකික සේවකයින් 186 දෙනෙකු 01/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම පිරිස රජය විසින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගනු ලබන වැඩසටහන යටතේ මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි .

ඔවුන් 01/21 දින සවස 6.30 ට බහරේනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 202 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles