බස්රථ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලබයි


මාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 35 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 14 දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

 



Recommended Articles