බස්නාහිරින් පිටවන අයට අඛණ්ඩව ඇන්ටිජන් පරීක්ෂණ


බස්නාහිර පළාතෙන් පිටතට යන සියලු දෙනා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර ඊයේ දිනයේදි පරික්ෂණ 1100ක් සිදු කර ඇති අතර ඉන් පස්දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනා ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

 



Recommended Articles