බස්නාහිර වැටලිමකින් 714ක් අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ (30) උදෑසන සිට අද (31) උදෑසන දක්වා මෙම වැටලිම සිදු කර තිබේ.

මෙහිදි හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයින් 218 දෙනෙකු ,ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 98 දෙනෙකු ,නීතිවිරෝධි මත්පැන් සහ ගෝඩා ළඟ තබා ගත් පුද්ගලයින් 320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අයිස් ,මාවා වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 78 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles