බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර කාලය දීර්ඝ කරයි


බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන බලපත් සඳහා දඩ මුදල් අය නොකිරිමේ කාලය අගෝස්තු 31 දා තෙක් කල් දමා තිබේ. 

රට තුල ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන් සේවාවන් ලබා ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමේ පවතින දුෂ්කරාතා හේතුවෙන් වාහන ආදායම් ආදායම් බලපත්‍ර ලබාගැනීමට බාධා පැමිණෙන මහජනතාව වෙත සහනයක් ලබාදීම සඳහා මෙය ක්‍රියාත්මක වෙයි.

මේ අනුව  ජුලි 29 දා සිට කල් ඉකුත් වන වාහන සඳහා දඩ මුදල් අය කිරිමෙන් තොරව එම බලපත්‍රවල කාලය අගෝස්තු 31 දා තෙක් දීර්ඝ කර තිබේ.

 



Recommended Articles