බස්නාහිර පොලිස් නිලධාරින් 250කට කොවිඩ්


බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් නිලධාරින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 250 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස්නාහිර පළාතේ නිලධාරීන් 317 දෙනෙකු යොමුකර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමුකර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,447කි.

 



Recommended Articles