බස්නාහිර පළාතේ විශේෂ වැටලිමකින් 681 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද අයත්ය.

 



Recommended Articles