බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 925 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 306 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ.

දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන 10.00 සිට පස්වරු 5.00 දක්වා මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles