බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්


බස්නාහිර පළාත තුළ ඊයේ (12) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

මෙය උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වාත් සවස 3.00 සිට 5.00 දක්වාත් ක්‍රියාත්මක කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 11,723ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

එයින් තදබල ලෙස නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 354 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කැලණිය ප්‍රදේශයෙනි. එම පිරිස 75කි.

ගම්පහ ප්‍රදේශයෙන් 68ක් කොළඹ මධ්‍යම ප්‍රදේශයෙන් 56ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර වාහන 218 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුම අද දිනයේත් බස්නාහිර පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

 



Recommended Articles