බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 385 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 136 දෙනෙකු සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 93යි මිලිග්‍රෑම් 244 ක් සොයා ගෙන ඇති අතර පුද්ගලයින් 85 දෙනෙකු සතුව තිබි ගංජා ග්‍රෑම් 567යි මිලිග්‍රෑම් 136ක් සොයා ගෙන තිබේ.
එමෙන්ම පුද්ගලයින් 13 දෙනෙකු සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක්ද සොයා ගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.


