බස්නාහිර පළාතේ වැටලිම් වලදි සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදු කෙරෙන විශේෂ වැටලීම්වලදී පැය 23 තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ හෙරොයින් සමග සැකකරුවන් 163 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 103 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මහරගම ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 100 ක් සමග සැකකරුවන් සිවුදෙනෙකු එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. 

නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මීගොඩ ප‍්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 17 යි ග‍්‍රෑම් 305ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.



Recommended Articles