බස්නාහිර පළාතේ වැටලිම් වලදි 404 දෙනෙකු අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කළ වැටලිම්වලදි 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර හෙරෝයින් ළඟ තබා ගත් පුද්ගලයින් 170ක් සිටින අතර ඉන් හෙරෝයින් ග්‍රෑම් 143කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ගංජා ළඟ තබා ගත් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් 14 දෙනෙකුද මෙහිදි අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි. 

           



Recommended Articles