බස්නාහිර පළාතේ වැටලිම් වලදි 395ක් අත්අඩංගුවට


බස්නාහිර පළාත තුළ සිදු කර වැටලිමකදි සැකකරුවන් 395 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැටලිම ඊයේ (19) පෙරවරු හයේ සිට අද (20) අලුයම පහ දක්වා කාලය තුළයි.

මෙහිදි හෙරෝයින් ළඟ තබා ගත් සැකකරුවන් 161 දෙනෙකු සහ මත්පැන් ළඟ තබා ගත් පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles