බස්නාහිර පළාතේ දුෂ්කරතාවයන්ට පත් වි සිටින පිරිස්ට කඩිනම් සහන සැලසිමට පියවර


රට තුළ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්විමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසිම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් සහන සේවාවන් ආරම්භ කර ඇත.

ඒ අනුව 011-2092720 අංකය ඔස්සේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ සහන සේවා මැදිරිය අමතා එවැනි දුෂ්කරතාවයන්ට මුහුණපා ඇති අය සිටනම් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබාගත හැකි බව සඳහන් වෙයි.



Recommended Articles