බස්නාහිර පළාතේ එන්නත් දිම කඩිනම් කළ යුතු කණ්ඩායම් ත්‍රිත්වය


සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බස්නාහිර පළාතේ කොළඹ ,ගම්පහ ,සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි හදුනාගෙන ඇති අධිඅවදානම් කණ්ඩායම් 3ක් සඳහා කඩිනමින් එන්නත් ලබාදිමට මේ වන විට ක්‍රියා කළ ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

ඊයේ (25) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එම අවදානම් කණ්ඩායම් ත්‍රිත්වය වන්නේ

වයස අවු.60ට වැඩි පිරිස, ගර්භණි කාලය සති 12 සම්පුර්ණ වි ඇති ගර්භනි සමයේ සංකූලතා සහිත ගර්භණි කාන්තාවන් හා රෝගය ඉතා දැඩිව පැතිර යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සිටින කණ්ඩායම් යන පිරිස්ය.

මෙම කණ්ඩායම් 3ට ආදාළ පුද්ගලයින් එන්නත් ලබාගැනිම සම්බන්ධව දැනුවත් විමට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා සම්බන්ධ විය යුතු බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles