බස්නාහිර පළාතෙන් පිටවිම හා ඇතුල්විම තහනම්


නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය.

දිවයිනේ සෙසු  ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු අතර සෙසු පළාත්වල ජනතාව ඒකරාශිවිම්වලින් ඉවත් විය යුතු බව යුද හමුදාපතිවරයා පැවසීය.

 



Recommended Articles