බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 1200ක්


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා.

දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර - දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, අගලවත්ත 20ක්, හොරණ 21ක්, පානදුර 27ක්, කළුතර 28ක්, මතුගම 31ක්, වැලිපැන්න 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 321ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. පිළියන්දල 50ක්, තලංගම 35ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක්, කොළඹ නගර සභා බල සිමාවේ 32ක්, අවිස්සාවේල්ල සහ හෝමාගම ප්‍රදේශ වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

 



Recommended Articles