බස්නාහිර 60ට වැඩි අයට එන්නත් අද සිට


මෙතෙක් කොවිඩ් 19 කිසිම එන්නතක් නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් තෙදින එන්නත්කරණය අද (11දා) සිට ආරම්භ කෙරෙයි.

එන්නත නොගත් බස්නාහිර පළාතේ 60ට වැඩි ජනතාව පිළිබඳව සියලු තොරතුරු මේ වන වි කොවිඩ් 19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් එක්රැස්කර තිබේ.

එන්නත ලබාදෙන දිනය, ස්ථානය පැමිණිය යුතු වේලාව සඳහන් ජංගම දුරකතන කෙටි පණිවිඩයක් ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ඔවුන් වෙත යොමුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එන්නත් මධ්‍යස්ථාන

කොළඹ - යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට (අගෝස්තු 11,12 හා 13)

ගම්පහ - දිස්ත්‍රික් මහ රෝහල ගම්පහ (අගෝස්තු 12, 13 හා 14)

කළුතර - දිස්ත්‍රික් මහ රෝහල කළුතර (අගෝස්තු 12)



Recommended Articles