බස් රථයක් හා වෑන් රථයක් ගැටි 22 ‌දෙනෙකුට තුවාල


සිගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේදි අද (23) උදෑසන 6. 00ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටි බස් රථය පෙරළි අනතුරක් වි ඇත.

අනතුරින් වෑන් රථයේ රියදුරු , බස් රථයේ රියදුරු හා  මගීන් 22 දෙදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

සිගීරිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Recommended Articles