බස් ප්‍රමුඛතා මංතීරුව යළි එයි


බස් රථ ප්‍රමුඛතා මංතීරු වැඩසටහන යළිත් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව හෙට දිනයේ සිට එළැඹෙන 14 දා තෙක් සති දෙකක කාලයක් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව සිට ගාලු පාර පිටකොටුව දක්වාත්,

මරදාන පාර, බොරැල්ල හන්දියේ සිට පිටකොටුව, ඕල්කට් මාවත දක්වාත් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 



Recommended Articles