බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස පුද්ගලික බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක්


වසර දෙකකින් පමණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර  ලබා දෙන ලෙස  පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර ඇ​ත.

කොවිඩ් 19 හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ කාල සීමාව තුළ මෙන්ම මේ වනවිටත් මහජනතාව සැළකිය යුතු අන්දමින් පොදු ප්‍රවාහනය භාවිත නොකිරීම හා සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් මත පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම නිසා විධිමත් ආදායමක් තමන්ට නොලැබෙන බව පුද්ගලික බස් රථ හිමියන් පවසා ඇ​ත.



Recommended Articles