බසයට යටවී දෙහැවිරිදි සිගිත්තා මරුට


ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව ගාලුපාරේ පදිංචිව සිටී නිහංස යෂ් වීරතුංග නැමති දරුවෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති දැරුවාගේ අත්තම්මා ඊයේ (01) නිවසේ කසල භාජනය ට්‍රැක්ටරයට දැමීමට ගාලුපාරට පැමිණ ඇති අතර, දරුවාද ඇයගේ අතේ දැවටී පැමිණ ඇති බව පොලිසිය කීය.

ඇය කසල භාජනය පාර අයිනේ තැබීමට සූදානම් වීමේදී දරුවා ඇයගේ අතින් ගිලිහී ගොස් ඇති බවත් , ඒ මොහොතේ පානදුර සිට නාගොඩ දක්වා ගමන් කල බසයට යටවී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.

ෙබස් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

සුමිත් පොතුපිටිය.



Recommended Articles