බලහරුව බස් අනතුරන් එක් අයෙක් මිය යයි


තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය බලහරුව හංදිය අසලදී (24) වෙනිදා බස්රථයක පිටුපස ටිපර් රථයක් ගැටීමෙන් මගීන් හත්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර එක් අයෙකු රෝහලේදී මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ පදියතලාව කොළමන්තලාව අනල 5/39 පදිංචි ශාන්ත වික්‍රමසිංහ (48) නැමති අයෙකි.
වැල්ලවාය ලඟම ඩිපෝවට අයත්  බස්රථයක් කුඩාඔය බලහැරුව මංසන්ධියේ මගීන් නංවාගැනීමට නතරකර තිබේ.

එම අවස්ථාවේ පිටුපසින් පැමිණි ටිපර්රථය බස්රථයේ පිටුපස ගැටී ඇත.මෙම අනතුරෙන් බස්රථයේ සිටි කාන්තාවක් ඇතුළු මගීන් 07 දෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔවුන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරුකිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.

ටිපර්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. ටිපර් රථය රියදුරු සමඟ පොලීසිය භාරයට ගෙන ඇති අතර රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා තිබේ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

 



Recommended Articles