බලශක්තියට ඇමෙරිකාවෙන් රු.බි. 6.6ක ප්‍රදානයක්


ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක් (රුපියල් බිිලියන 6.6ක් පමණ) ප්‍රධානයක් ලබාදිමට ඇමෙරිකාව කටයුතු කර තිබේ. මෙම අරමුදල් ශ්‍රි ලංකාවේ පුනර්ජනනිය බලශක්ති අංශය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතය.

මේ පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද පවත්වා තිබේ.

ඒ පිළිබඳව විස්තර කරමින් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ‘ඩොලර් මිලියන 19 ක ප්‍රදානය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය වඩාත් විශ්වාසදායක, තිරසාර සහ කාර්යක්ෂම වීමට උපකාරී වනු ඇත.’ යනුවෙනි.



Recommended Articles